ශ්‍රී ලංකාව තීරණාත්මක තරගයක

ජූනි 04, 2023

    ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය දැන් පැවැත්වෙනවා.

    ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.  තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක, ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඒ අනුව දිමුත් කරුණාරත්න සමග පැතුම් නිස්සංක ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාදුන්නා.

    අද තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 4 ක් සිදුකර තිබෙනවා. ඒ, සදීර සමරවික්‍රම, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ සහ දුෂ්මන්ත චමීර කණ්ඩයාමට කැඳවමින්. අද තරගය ඇෆ්ගනිස්ථාන කණ්ඩායම විසින් ජයගනු ලැබුවහොත් ඔවුන්ට තරගාවලියේ ජය හිමිවන අතර පසුගිය තරගය ඇෆ්ගනිස්තානය ජයගැනීම හේතුවෙන් අද තරගය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි.

    Latest News