අද අභියෝගය අයර්ලන්තය

ජූනි 25, 2023

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන තරගය අද අයර්ලන්තය සමග ක්‍රීඩා කිරීමට නියමිතයි.

    තරගය ශ්‍රී ලංකා වේලාවෙන් දහවල් 12.30ට සිම්බාබ්වේ බුලවායෝ හි ක්වීන් ස්පෝට්ස් ක්ලබ් හි දී ආරම්භ වීමට නියමිතයි.

    ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජයගනිමින් දළ ලකුණු 4.220 ක් ලබා බී කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටිනවා. අයර්ලන්තය පසුගිය තරග දෙකම පරාජය වී දළ ලකුණු -0.177 ක් ලබා තෙවන ස්ථානයේ සිටිනවා.

    ශ්‍රී ලංකාව හා අයර්ලන්තය එක්දින තරගයකදී හමුවන්නේ වසර 7කට පසුවයි.

    Latest News