ශ්‍රී ලංකාවට පහසු ජයක් - වනිඳු සුපිරි පන්දු යැවීමක

ජූනි 23, 2023

    ‍ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේ ශ්‍රී ලංකාව ඕමානයට ‍එරෙහිව, පහසු ජයක් අද ලබා ගත්තා.

    තරගය පැවැත්වුණේ, සිම්බාබ්වේ, බුලවායෝහිදී. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඕමාන් කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 02ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා අයාන් ඛාන්, ඔහු ලකුණු 41යි. පන්දු යැවීමේදී වනිඳු හසරංග දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින්, ලකුණු 13කට කඩුලු 5ක් දවා ගත්තා. ලහිරු කුමාර කඩුලු 2යි. ලකුණු 99ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 15ක් අවසානයේ, කිසිවෙකු නොදැවී ජය ලබා ගත්තා. දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 61යි. පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 37යි. තරගයේ වීරයා වනිඳු හසරංග.

    Latest News