පළමු තරඟයේ ජය ශ්‍රී ලංකාවට

සැප් 29, 2024
    ලෝක කුසලාන කාන්තා 20 -20 ක්රිකට් තරගාවලියේ සහභාගි වූ පළමු පුහුණු තරගයෙන් ජය හිමි කර ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 33කින් පරාජය කරමින්.

    තරගාවලිය පැවැත්වෙන්නේ, එක්සත් අරාබි එමිර් රාජ්යයේදී. මෙම පුහුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

    හසිනි පෙරේරා ලකුණු 43යි. නිලක්ෂිද සිල්වා ලකුණු 30ක් සහ හර්ෂිතා සමරවික්රම ලකුණු 29ක් ලබා ගත්තා.
     
    පිළිතුරු ලෙස බංග්ලාදේශ ක්රිඩිකාවන්ට පන්දුවාර 20 ඇතුළත රැස් කරගත හැකි වුයේ ලකුණු 110ක් පමණයි. නිගර් සුල්තානා ලකුණු 30යි.
     
    පන්දු යැවිමේදි සුගන්ධිකා කුමාරි කඩුලු 3ක් සහ ඉනෝෂි ප්රියදර්ශනි කඩුලු 2ක් බිඳ හෙලුවා.
    Last modified on ඉරිදා, 29 සැප්තැම්බර් 2024 14:06

    Latest News