පාකිස්ථාන සංචාරය වෙනුවෙන් නැවත ආරක්ෂක තක්සේරුවක්

සැප් 14, 2019

    ශ්‍රී ලංකාවේ පාකිස්ථාන සංචාරය සඳහා සෆ්රාස් අහ්මඩ් නැවතත් නායකත්වය සඳහා නම් කර තිබේ. තරගාවලිය සැප්තැම්බර් 27 ආරම්භ වීමට නියතමිය.

    පාකස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තරගාවලියෙන් තරගාවලියට තම නායකයා නම් කිරීම සිදු කරයි. පසුගිය ලෝක කුසලානයෙන් පසු සෆ්රාස් අහ්මඩ් නැවත නායකත්වයට නම් නොකරනු ඇතැයි මාධ්‍ය වාර්තා පළ විය. නමුත් ශ්‍රී ලංකාව සමග ඉදිරි තරගාවලිය සඳහා නැවත සෆ්රාස් අහ්මඩ් නම් කර තිබේ. ලෝක කුසලාන තරගාවලියෙන් පසු පාකිස්ථානයේ හිටපු පුහුණුකරු මිකී ආතර්ගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ නොකළ අතර පාකිස්ථාන නව පුහුණුකරු ලෙස පාකිස්ථාන හිටපු නායක මිස්බාහ් උල් හක් තෝරාගෙන ඇත. එසේම එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම් දෙක සඳහාම 24 වියැති නවක ක්‍රීඩක බාබර් අසාම් උපනායකත්වයට පත් කර තිබේ.

    ශ්‍රී ලංකා රජයෙන් කළ ත්‍රස්ත ප්‍රහාර අවධානම් නිවේදනය නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරන්නේ නැවත එම තරගාවලිය සඳහා ආරක්ෂ තක්සේරුවක් සිදු කරන බවයි.

    ඒ අතර එම තරගාවලිය පැවැත්වීම සඳහා ෂාජා ඇතුළු විවිධ ස්ථානවලින් ආරාධනා ලැබෙන බවද වාර්තාවේ. නමුත් පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ඉසාන් මනි පවසන්නේ තම රට තුළ මෙම තරගාවලිය පැවැත්වීම සඳහා සුදුසු ආරක්ෂක තත්වයක් පවතින බවත් වෙනත් රටකට මෙම තරගාවලිය රැගෙන යාමේ අවශ්‍යතාවයක් නොපවතින බවත්ය.

    ඒ අතර පාකිස්ථාන මහකොමසාරිස් වරයා සහ ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් වරයා අතර මේ පිළිබඳ හමුවක් පසුගිය බ්‍රහස්පතින්දා සිදු කර තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ආරක්ෂ අමාත්‍යංශයෙන් නැවත ආරක්ෂක තක්සේරු වාර්තාවක් විමසා ඇත.

    පසුගිය දශකයක කාලය තුළ තරග 6කින් යුත් දීර්ඝ තරගාවලියක් පාකිස්ථානය තුළ පැවැත්වෙන්නේ ප්‍රථම වරටයි. මූලිකව මෙම තරගාවලියට ටෙස්ට් තරග 2ක් ද ඇතුළුත් වූ අතර නමුත් එම තරග 2ක දෙසැම්බර් මාසයේ පැවැත්වීමට සැළසුම් කර ඇත. පාකිස්ථාන ජාතික ක්‍රීඩාංගණය වන කරච්චි ක්‍රීඩාංගණයේ එක්දින තරග 3 පැවැත්වීමට සැළසුම් කර ඇති අතර විස්සයි විස්ස තරග 3 ලාහෝර් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට සැලසුම් කර තිබේ.

    Latest News