ලෝක කුසලාන රග්බි තරගාවලිය අද කාණ්ඩ 3ක් යටතේ

සැප් 22, 2019

    ලෝක කුසලාන රග්බි තරගාවලියේ අද පැවති තරගවලින් අයර්ලන්තය, ඉතාලිය සහ එංගලන්තය ජය වාර්තා කළා.

    තරගාවලිය පැවැත්වෙන්නේ ජපානයේදී. අයර්ලන්තය තරග වැදුනේ ස්කොට්ලන්තයට එරෙහිව. ඒ, කාණ්ඩය යටතේ පැවති තරගය යොකොහමා හිදී පැවැත්වුණා. තරගයේ පළමු අර්ධය නිමාවන විට ලකුණු 19-03ක් ලෙස පෙරමුණ ගැනිමට සමත්වුනේ අයර්ලන්තයයි. ඔවුන් දෙවන අර්ධයේ දී ලකුණු 8ක් රැස් කළ අතර ස්කොට්ලන්තය එහිදී කිසිදු ලකුණක් රැස් කළේ නැහැ. ඒ අනුව ලකුණු 27-03ක් ලෙස තරගය ජයගත්තේ අයර්ලන්තයයි. ජයග්‍රාහී අයර්ලන්ත කණ්ඩායම ලෝක කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව දෙවැනි ස්ථානයේ පසුවනවා.

    ඉතාලිය සහ නැමීබියාව අතර තරගය බී, කාණ්ඩයෙන් පැවැත්වුණා. ඒ, ඔසාකා හිදී. ආරම්භයේ සිටම පෙරමුණ ගත් ඉතාලිය පළමු අර්ධයේ දී ලකුණු 21ක් රැස් කළ අතර ප්‍රතිවාදී නැමීබියාව එහිදී ලකුණු 7ක් ලබාගත්තා. දෙවන අර්ධයේදී ඉතාලිය තවත් ලකුණු 26ක් ලබාගැනීමට සමත්වුණා. නැමීබියාව එම අර්ධයේ දී ලකුණු 15ක් රැස් කළා. ඒ අනුව ලකුණු 47-22ක් ලෙස තරගය ජයගත්තේ ඉතාලියයි. ඔවුන්ට ප්‍රසාද ලකුණක් ද හිමිවුණා.

    එංගලන්තය සහ ටෙංගෝ රාජ්‍ය අතර තරගය පැවැත්වුනේ සී කාණ්ඩයෙන්. ලොව අංක 3 රග්බි කණ්ඩායම වන එංගලන්තය තරගය ආරම්භයේ සිටම පෙරමුණේ පසුවුණා. පලළමු අර්ධය නිමාවුණේ ලකුණු 18-03ක් ලෙස එංගලන්තය පෙරමුණ ගනිමින්. දෙවන අර්ධයේ දී එංගලන්තය තවත් ලකුණු 17ක් රැස් කළා. ඔවුන් තරගය ජයගත්තේ ලකුණු 35-03ක් ලෙසයි. ජයග්‍රාහී එංගලන්තයට ප්‍රසාද ලකුණක් හිමිවුණා.

    Latest News