එස්.එල්.ටී. ස්පීඩ්අප් පාපැදි සවාරිය හෙට “අයි“ නාලිකාවෙන් (වීඩියෝ)

සැප් 23, 2019

    එස්.එල්.ටී. ස්පීඩ්අප් පාපැදි සවාරිය හෙට ආරම්භ වේ.

    මෙරට පැවැත්වෙන දීර්ඝතම පාපැදි සවාරිය වන මෙහි නිල රූපවාහිනී විකාශන හිමිකරු ජාතික රූපවාහිනියයි. විශිෂ්ටතම පාපැදි ක්‍රීඩක-ක්‍රීඩිකාවන් සහභාගි වන එස්.එල්.ටී. ස්පීඩ්අප් පාපැදි සවාරිය හෙට උදෑසන ආරම්භ වන්නේ කොළඹින්. එහි පිරිමි තරගයේ දුර කිලෝ මීටර 814ක්. දින 05ක් පැවැත්වෙන මෙහි පළමු අදියර කොළඹ, රත්නපුර හරහා ඇඹිලිපිටිය දක්වා කිලෝ මීටර 170කින් සමන්විතයි. දෙවැනි අදියර ඇඹිලිපිටිය, වැල්ලවාය හරහා බණ්ඩාරවෙලින් අවසන් වීමට නියමිතයි. තෙවැනි අදියර බණ්ඩාරවෙලින් ආරම්භ වී මහනුවර හරහා කුරුණෑගල දක්වාත්, සිව්වැනි අදියර කුරුණෑගල සිට ත්‍රිකුණාමලය දක්වාත් පැවැත්වේ. සවාරිය අවසන් වන්නේ ත්‍රිකුණාමලයේ සිට දඹුල්ල දක්වා පැවැත්වෙන පස්වැනි අදියරෙන් මෙහි කාන්තා තරගය දින දෙකක් පැවැත්වෙන අතර, එහි සමස්ත දුර කිලෝ මීටර 161ක්. ආධුනික පිරිමි තරගය කිලෝ මීටර 60ක දුරකින් සමන්විතවේ. හෙට උදෑසන 7.30 සිට රූපවාහිනි අයි නාලිකාව ඔස්සේ පාපැදි සවාරිය සජීව ලෙස නැරඹිය හැකියි.

    Last modified on සදුදා, 23 සැප්තැම්බර් 2019 20:18

    Latest News