වසර 10 පසු කරච්චයේ පැවැත්වෙන එක්දින තරගය වැස්සට සේදේ

සැප් 27, 2019

    ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර ප්‍රථම එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදුවිය.

    තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ පකිස්තානයේ කරච්චිහිදී. ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට දැඩි වර්ෂාවක් පතිතවීම හේතුවෙන් විනිසුරුවරුන් තරගය අතහැර දැමීමට තීරණය කළේය. දෙරට අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ලබන 29 වැනිදා දිවා-රාත්‍රී තරගයක් ලෙස කරච්චිහිදී පැවැත්වීමට නියමිතවේ.



    Last modified on සිකුරාදා, 27 සැප්තැම්බර් 2019 19:40

    Latest News