ඒ, ස්කොට්ලන්තයට එරෙහිව පැවති තරගයෙන් ද ජය වාර්තා කරමින්. ස්කොට්ලන්තය සහ ජපානය අතර තරගය පැවැත්වුණේ, ඒ කාණ්ඩයෙන්. පළමු අර්ධය නිමා වුණේ, ලකුණු 21-7ක් ලෙස ජපානය පෙරමුණ ගනිමින්. නියමිත කාලය අවසන් වනවිට ජපානය 28-21ක් ලෙස ලකුණු ලබාගනිමින් ජය හිමිකර ගැනිමට සමත්විය.
වේල්ස් සහ උරුගුවේ කණ්ඩායම් අතර තරගය ඩී කාණ්ඩයෙන් පැවැත්විණ. ඉන් ලකුණු 35-13ක් ලෙස ජය වාර්තා කළේ, වේල්ස් කණ්ඩායමයි. වේල්ස් කණ්ඩායම ද තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
අමෙරිකා සහ ටොංගා කණ්ඩායම් අතර තරගය පැවැත්වුණේ, සී කාණ්ඩයන්. ඉන් ලකුණු 31-19ක් ලෙස ජය වාර්තා කළේ, ටොංගා කණ්ඩායමයි. අයර්ලන්ත සහ සමුවා කණ්ඩායම් අතර තරගය ඊයේ පැවැත්වුණේ, ඒ කාණ්ඩය යටතේ. ඉන් ලකුණු 47-5ක් ලෙස ජය ලැබීමට අයර්ලන්තය සමත්විය. ඒ අනුව අයර්ලන්තය ද තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.