ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපොළට රොකට් ප්‍රහාර

ජන 03, 2020

    ඉරාකයේ බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල වූ රොකට් ප්‍රහාරවලින් ඉරාන විප්ලවවාදී හමුදාවේ විශේෂ කුඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරල් කසේම් සුලයිමානි ඇතුළු 8 දෙනෙකු මියගොස් තිබේ.

    විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඉන් ඉරාක හමුදා කර්මාන්ඩර්වරයෙකු වන අබූ මාධී අල් මුහන්දිස් ද මියගොස් ඇති බවයි.

    බැග්ඩෑඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට අද අලුයම රොකට් ප්‍රහාර තුනක් එල්ල විය.

    ඉරාන විප්ලවවාදී හමුදාවේ විශේෂ කුඩ්ස් බලකායේ ප්‍රධානී ජෙනරල් කසේම් සුලයිමානි බැග්ඩෑඩ් ගුවන් තොටුපළට පැමිණි අවස්ථාවේ ඔහු පිළිගැනීමට ඉරාන සහාය ලබන ඉරාක හමුදා කණ්ඩායමක් ගුවන් තොටුපළට පැමිණ සිටියේ ය.

    ඔවුන් ඉලක්ක කර එල්ල වූ රොකට් ප්‍රහාර වලින් ගුවන් භාණ්ඩ පර්යන්තයට සහ වාහන කිහිපයකට හානි විය.

    Latest News