සෞදි සෙබලුන් 21 පිටුවහල් කිරීමට අමෙරිකාවේ තීරණයක්

ජන 14, 2020

    අමෙරිකාවේ සිටින සෞදි අරාබි හමුදා භටයින් 21 දෙනෙක් එරටින් පිටුවහල් කිරීමට අමෙරිකානු රජය තීරණය කර තිබේ.

    පසුගිය මාස අමෙරිකානු ගුවන් හමුදා කඳවුරක් තුළ එල්ල වූ ප්‍රහාරය මීට හේතුවයි. පසුගිය දෙසැම්බර් මස 6 වැනිදා අමෙරිකාවෙ පෙන්සර්කෝලාහි පිහිටි අමෙරිකානු නාවුක හමුදාවට අයත් ගුවන් කඳවුරක් තුළ ප්‍රහාරයක් එල්ල විය. ඉන් අමෙරිකානු නාවුක හමුදා භටයින් 3 දෙනෙකු මියගිය අතර, තවත් 8 දෙනෙකු තුවාල ලැබීය. ප්‍රහාරය එල්ල කරනු ලැබුයේ සෞදි ගුවන් හමුදා ලුතිතන් වරයෙක් විසින්.

    පිටුවහල් කරනු ලැබූ සෞදි අරාබි හමුදා භටයින් මෙම ප්‍රහාරයට සහාය දැක්වූ බවට කිසිඳු සාක්ෂියක් ලැබී නැත. ඔවුන් සියලුදෙනා අමෙරිකානු හමුදා කඳවුර තුළ පුහුණුවීම සඳහා පැමිණ සිටි පිරිසක්.

    Last modified on අඟහරුවාදා, 14 ජනවාරි 2020 16:12

    Latest News