එම කන්ටේනර්වල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඇතුළත් බවයි, මැලේසියානු බලධාරීන් පවසන්නේ. මැලේසියාවට වෙනත් රටවල්වලින් එවන ලද කසළ අඩංගු කන්ටේනර් 150ක් පමණ නැවතත් එම රටවලට හරවා යවා ඇති බව, මැලේසියානු පරිසර අමාත්‍යවරිය වැඩිදුරටත් කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බ්‍රිතාන්‍ය රජය කියා සිටින්නේ, මැලේසියානු රජය පසුගිය වසරේ කළ ඉල්ලීමකට අනූව තමන් විසින් නැව්ගත කරන ලද කසළ කන්ටේනර් රැසක් ආපසු ගෙන්වාගත් බවයි.