බ්‍රිතාන්‍යය අද යුරෝපා සංගමයෙන් නිල වශයෙන් ඉවත් වේ

ජන 31, 2020

    විදෙස් මාධ්‍ය වාර්තා කළේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් එරට නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට පැයකට පෙර ජාතිය අමතමින් මෙය නව යුගයක ඇරඹුම ලෙසත්, අවසානයක් නොව ආරම්භයක් ලෙසත් සඳහන් කිරීමට නියමිත බවයි.

    වසර 58 කට පසු සෙසු යුරෝපා රටවල් 27 න් වෙන්වීමේ අවස්ථාව සත්‍ය ජාතිය ගොඩනැගීමේ සහ වෙනසක අවස්ථාව බවද බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනු ඇති.

    කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වූ පසු සංක්‍රාන්ති සමයකට මුහුණදීමට නියමිතයි.

    බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට නියමිතව තිබුණේ ඉකුත් වසරේ මාර්තු 31 වැනි දින වුවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කිරීම හමුවේ එය මේ දක්වා කල් දැමිණ.

    2016 වසරේ පැවති ජනමත විචාරණයට අනුව බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් සියයට 52 ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළකර තිබිණ.

    Latest News