චීන විදේශ අමත්‍යවරයා හා ජර්මන් චාන්සලර්වරිය අතර හමුවක්

පෙබ 14, 2020

    චීන විදේශ අමත්‍යවරයා, ජර්මන් චාන්සලර්වරිය හමුවෙයි.

    හමුව ජර්මනියේ බර්ලින් නුවරදී ඊයේ (13)පැවැත්විණ.

    ආරාධානවට අනුව නව කො‍රොනා වසංගතයට එරෙහිව සටන් කිරීමේදී චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික විදේශ ඇමති වං යී මහතා ජර්මනියේ සංචාරයක නිරත වීම පිළිගන්නා බව, ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් මහත්මිය පැවසුවාය.

    කොරොනා වසංගතයට එරෙහිව චීනය තීරණාත්මක මෙන්ම බලවත් පියවර ගැනීම ජර්මනිය ඉහළින් අගය කරයි.

    කොරොන වසංගතයෙන් සිදු වන තාවකාලික අසීරුතා අභිබවා, මේ වසරේ ආර්ථික හා සමාජ සංවර්ධන ඉලක්ක ඉටු කිරීම වෙනුවෙන්, චීනයට හැකියාව හා විශ්වාසය ඇති බව, වං යී මහතා පැවසීය.

    මේ වසංගත කාලසීමාවෙන් පසු, චීනය හා ජර්මනිය අතර විශ්වාසය හා සහයෝගීතාවය තවදුරටත් ඉහළ නැංවීමට හැකි වෙතැයි, වං යී මහතා විශ්වාසය පළ කළේය.

    මේ වසරේ චීනය හා ජර්මනිය අතරත්, චීනය හා යුරෝපය අතරත්, වැදගත් න්‍යාය පත්‍ර රැසක් තිබේ.

    චීන නායකයන් සමග සමීප ලෙස සම්බන්ධතා පැවැත්වීමටත්, දෙරටේ සහයෝගීතාවය සක්‍රීය ලෙස ප්‍රවර්ධනය කිරීමටත්, ඇන්ජෙලා මර්කල් මහත්මිය කැමැත්ත දක්වයි.

    යුරෝපා චීන ආයෝජන ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනම් කිරීමට, දෙපාර්ශ්වය උත්සාහ දරන බවට, ඇය බලාපොරොත්තුව පළ කළාය.

    සියළු ආකාරයේ උපාය මාර්ගික හවුල්කාරී රටවල් ලෙස, චීනය හා ජර්මනිය අත්වැල් බැඳ ගනිමින්, ලෝකයේ පොදු අභියෝග වලට මුහුණ දිය යුතු බව, වං යී මහතා කියා සිටියේය.

    චීන සමාගම් වලට විවෘත මෙන්ම සාධාරණ ආයෝජන පරිසරයක්, ජර්මනිය සපයන බව, චීනය අපේක්ෂා කරයි. චීනය හා යුරෝපය, තරඟකරුන් වෙනුවට සහයෝගිතා හවුල්කාරයන් ලෙසට, ජර්මනිය සමග සත්‍යය ඔස්සේ සාක්ෂි දීමට චීනය කැමැත්ත දක්වයි.

    Latest News