එය සම්පාදනය කරනු ලැබ ඇත්තේ ලෝක කාලගුණ ආරෝපණ සම්මේලනයේ විශ්ලේෂකයන් පිරිසක් විසින්. ගෝලීය උෂ්ණත්වය වැඩිවීම නිසා උණුසුම් හා වියළි කාලගුණයේ දැඩි ඉහළ යාමක් පෙන්නුම් කරයි. එහි අවදානම 30%ක පමණ ඉහළ අගයක් ගන්නා බවයි, වාර්තා වන්නේ. එම ප්රමාණය වාර්තාගත ප්රතිශතයට වඩා ඉහළ අගයක් ගත හැකි බවට ද තොරතුරු වාර්තා වෙයි.
ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකකින් ඉහළ යන්නේ නම්, උණුසුම් හා වියළි කාලගුණය ඊට සාපේක්ෂව සිව් ගුණයකින් වැඩිවන බවටයි, ගණන් බලා ඇත්තේ. උණුසුම් කාලගුණය හේතුවෙන් මිනිස් ජීවිතවලට ද දැඩි අවදානම් තත්වයක් මතුව තිබේ. විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ, එම තත්වය අවම කර ගැනීමට ජගත් ප්රජාවගේම සහය අතිශය වැදගත් බවයි.