ඉතාලියේ ලොම්බාඩි ප්‍රදේශයේ සහ තවත් ප්‍රාන්ත 14ක ජනතාව මෙසේ අනිවාර්ය නිරෝධායනයකට ලක් කිරීමටයි එරට රජය තීරණය කර ඇත්තේ.
මෙම නිරෝධායනය කිරීම ලබන අප්‍රේල් මස මුල් සතිය දක්වා ක්‍රියාත්මක වනු ඇති. ඒ අනූව, ඉතාලියේ ප්‍රදේශ රැසක ජනතාව ගැවසෙන බොහෝ ස්ථාන වසා දැමීමට ද තීරණය කර තිබේ. ඉතාලිය, යුරෝපයේ වැඩිම වෛරස් ආසාදිත රෝගීන් සංඛ්‍යාවක් හමුවූ රටයි. මේ වන විට මරණ සංඛ්‍යාව 230 ඉක්මවා තිබේ. වාර්තා වූ සම්පූර්ණ සංඛ්‍යාව හය දහසකට ආසන්නයි.