අමෙරිකාව - ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතයේ ඉලක්ක ගත පරාසය පහළ දමයි

මාර් 17, 2020

    ෆෙඩරල් අරමුදල් පොලී අනුපාතයේ ඉලක්ක ගත පරාසය පහල දමා, එය 0%ත් 0.25%ත් අතර මට්ටමක පවත්වාගෙන යන බව, අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය ප්‍රකාශ කරයි.

    නව කොරොනා වසංගතයෙන් රටේ ආර්ථිකයට සිදුවන බලපෑම් අවම කිරීමේ අරමුණෙන් එම පියවර ගන්නා බව ද අමෙරිකානු ෆෙඩරල් සංචිත මණ්ඩලය නිවේදනය කළේය.

    ඇ.ඩො. බිලියන 700ක ප්‍රමාණාත්මක ලිහිල්කරණ සැලැස්මක් ද ආරම්භ කෙරිණ.

    නව කොරොනා වසංගතයෙන් අමෙරිකාව ඇතුළු බොහෝ රටවල ආර්ථිකයට හා මුල්‍ය ව්‍යාපාර වලට බලපෑම් එල්ල වී තිබේ.

    කෙටි කාලයක් තුළ එම වසංගතය ඇමරිකාවේ ආර්ථික ක්‍රියාකාරකම් වලට පීඩනයක් පමුණුවනු ඇති අතර, ආර්ථිකයේ ඉදිරි දැක්මට ද අවදානමක් මතු කර ඇත.

    මේ හේතුවෙන්, අමෙරිකානු ආර්ථිකයේ, අවදානමෙන් මිදීමේ හැකියාව සහතික වන තෙක්, ෆෙඩරල් අරමුදලේ පොලී අනුපාතයේ ඉලක්ක ගත පරාසය විශාල වශයෙන් පහළ දමා, එය 0%ත් 0.25%ත් අතර මට්ටමක පවත්වා ගෙන යාමට තීරණය කර තිබේ.

    මුල්‍ය වෙළඳපොල වෙනුවෙන් අනුබලය දැක්වීමට ඇ.ඩො. බිලියන 700ක ප්‍රමාණාත්මක ලිහිල්කරණ සැළැස්මක් ආරම්භ කරන බව ද ප්‍රකාශ කර ඇත.

    Latest News