එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, චීනය තුළින් ඊයේ වන විට වාර්තා වී තිබුණේ රෝගීන් 34 දෙනෙකු පමණක් බවයි. චීනයේ, ඊයේ දිනය තුළ වාර්තා වූ නව කොරෝනා රෝගීන් 34 දෙනා විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයන් බවයි වාර්තා වන්නේ. ඔවුන්ගෙන් 21 දෙනෙකු බීජිං නුවරින් හඳුනාගෙන තිබේ. වෛරසය රට තුළ පැතිරීමෙන් පසු රෝගීන් 80,928 දෙනෙකු වාර්තා වී තිබූ බව, චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පෙන්වා දෙයි. රට තුළ සාමාන්‍ය ජනජිවිතය යළි යථා තත්වයට පත්වෙමින් පවතින බව විදෙස් වාර්තාවල සඳහන්.