කොරෝනා වෛරසයේ බලපෑමෙන් බොහොමක් ගුවන් ගමන් අත්හිටුවීම මීට හේතුවයි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ තීරණය සම්බන්ධයෙන් මේ වන විට වෘතීය සමිති සමග සාකච්ජා සිදුකෙරෙමින් පවතින බවයි. දෙපාර්ශවය ඒ පිළිබඳ එකඟතාවන්ට පැමිණ ඇතැත් අවසන් තීරණයකට මෙතෙක් එළඹ නොමැත.
මේ අනූව බ්‍රිතාන්‍ය ගුවන් සේවයට අයත් ගුවන් සේවක කාර්ය මණ්ඩලය, ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩලය, ඉංජිනේරු අංශ හා ප්‍රධාන කාර්යාලයේ සේවකයින්ගෙන් 80%ක් නෙරපා හරිනු ඇත. සේවයෙන් ඉවත් කෙරෙන බොහෝ දෙනෙකුට රජයෙන් ගෙවනු ලබන සහන දීමනාව හිමිවන බවය විදෙස් මාධ්‍ය වාර්තා කරයි.