එම සීමා අවම වශයෙන් මැයි 3 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට බර්ලිනයේ ෆෙඩරල් ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයි ජර්මානු මාධ්‍ය වාර්තා පවසයි.
කෙසේ වුවත් ඇතැම් වෙළෙඳසැල් දැඩී නීති මධ්‍යයේ අප්‍රේල් 20 වැනිදා සිට විවෘත වනු ඇත.
අනෙකුත් බටහිර යුරෝපීය රාජ්‍යයන්ට සාපේක්ෂව ජර්මනිය කොරෝනා වයිරසය හේතුවෙන් ඉතා දැඩි බලපෑමකට ලක් නොවුණි.
එරට මහජන සෞඛ්‍ය ආයතනයේ වාර්තා අනුව ජර්මනියෙන් ආසාදිත රෝගී මරණ සංඛ්‍යාව 804 කි.
ගතවූ පැය 24 තුළ සිදුවී ඇති මරණ සංඛ්‍යාව 285 ක්.