ඒ, ඉක්තු පැය 24 තුළ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන් විසිනව දහස් පනස් හතක් සමඟයි. ඉකුත් පැය 24 තුළ අමෙරිකාවෙන් නව කොරෝනා මරණ 1,867ක් වාර්තා විය. ඒ අනුව එරටින් මෙතෙක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 39,000 ඉක්මවා තිබේ. තවද, ඉකුත් සිකුරාදා වනවිට නිව්යෝර්ක් නගරයෙන් පමණක් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 11,477ක්. මේ අතර, තම විවාහ උත්සවය හවායි දූපත්වල සැමරීමට බලාපොරොත්තුවෙන් සිටි යුවළක් මුහුණ පෑ සිදුවීමක් වාර්තාවේ. ඒ, පැතිර යන කොරෝනා වසංගතය නිසා කැලිෆෝනියා ප්‍රාන්තයේදීම තම විවාහය ඉතා චාම්ව පැවැත්වීමට සිදුවූ අවස්ථාවක් පිළිබඳවයි.
කොවිඩ් 19 හේතුවෙන් මැද පෙරදිග කලාපය තුළ දරුණු ලෙස පීඩාවට පත්වූ රට ඉරානයයි. වසංගතයේ ව්‍යාප්තියෙන් මුල් කාලයේදී ඉතා දැඩි ලෙස ආසාදිතයින් සහ මරණ වාර්තා වුවත්, දැන් ක්‍රමයෙන් පාලනය වන ස්වභාවයක් දක්නට ලැබේ. ඉරානයේ සමස්ත මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා තිබේ. එහෙත්, එරට පාර්ලිමේන්තු වාර්තාවක දැක්වෙන පරිදි මියගිය සමස්ත සත්‍ය සංඛ්‍යාව මීට වඩා දෙගුණයක් විය හැකි බවට අනුමාන කෙරේ.
මේ අතර, යුරෝපා කලාපයේ රටවලින් වාර්තාවන ආසාදිතයින් සංඛ්‍යාව මුල් කාලයට සාපේක්ෂව යම් අඩුවීමක් දක්නට ලැබුණ ද, මරණ සංඛ්‍යාව ඉහළ අගයක් ගෙන තිබේ. ඉකුත් පැය 24 තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුණේ, එක්සත් රාජධානියෙනි. එම මරණ සංඛ්‍යාව 888ක්. අනතුරුව ප්‍රංශ යෙන් 642ක් ද, ස්පාඤ්ඤයෙන් 637ක් ද, ඉතාලියෙන් 482ක් ද, ජර්මනියෙන් 186ක් වශයෙන් නව කොරෝනා මරණ වාර්තා විය. ඉකුත් පැය 24 තුළ යුරෝපයේ වැඩිම නව ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ද, එක්සත් රාජධානියෙන්. එම සංඛ්‍යාව 5,525ක්. ස්පාඤ්ඤය, ප්‍රංශය, ඉතාලිය යන රටවලින් 9,000කට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ එක් රටකින් 3,000ක් බැගින්. ජර්මනියෙන් ද රෝගීන් 2,327ක් වාර්තා වී තිබේ.
මේ අතර, ස්පාඤ්ඤය තීරණය කර ඇත්තේ වෛරස් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති සීමා දරුවන් සඳහා ලිහිල් කිරීමටයි. ඒ අනුව, ඉකුත් මාර්තු 14 වැනිදා සිට නිවසටම සීමා කර තිබූ දරුවන්ට එළඹෙන 27 වැනිදා සිට නිවෙස්වලින් බැහැරට යාමට අවසර හිමිවේ. මේ පිළිබඳව නිවේදනය කරමින් ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පෙඩ්රෝ සැන්චස් කියා සිටියේ, නැවුම් වාතාශ්‍රය ලබාගැනීම සඳහා දරුවන්ට අවස්ථාව ලබාදීමට තමා තීරණය කළ බවයි.
ඊයේ දිනය තුළ චීනයෙන් නව ආසාදිතයින් 16ක් වාර්තා වූ අතර, ඉන් 09 දෙනෙකු විදේශයන්ගෙන් පැමිණි පුද්ගලයින්.
මේ අතර, වීඩියෝ ඇමතුමක් හරහා සිය විවාහ මංගල්‍යයක් පැවැත්වූ යුවලක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තාවේ. ඔවුන් දෙපළ වීඩියෝ ඇමතුමක්හරහා දෙපාර්ශ්වයේ පවුල්වල සාමාජිකයින් සම්බන්ධ කරගෙන මේ විවාහ උත්සවය පවත්වා තිබේ. ඉන්දියාව තුළ ව්‍යාප්ත කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා දායක වන සියලුඅංශ සිහිපත් කරමින් ඔවුන්ට ගෞරව දැක්වීම සඳහා ආලෝක පූජාවක් ද ඊයේ නවදිල්ලි නුවර දී සංවිධාන කර තිබිණ.
ලොව පුරා රටවල් හා රාජ්‍යයන් 210ක ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් වාර්තා වන සමස්ත ආසාදිත සංඛ්‍යාව ලක්ෂ 23 ඉක්මවා ගොස් තිබේ. එක් ලක්ෂ හැට එක් දහස ඉක්මවමින් ලොව පුරා සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව වාර්තා වන අතර, මෙතෙක් සුවය ලබා ඇත්තේ හය ලක්ෂ හාර දහසකට අධික පිරිසක් පමණි.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරස් වසංගතය හේතුවෙන් නිවෙස්වල රැඳී සිටීමට සිදුව ඇති ලෝකවාසීන් උදෙසා සංවිධාන කළ සජිවි සංගීත සංදර්ශනය ඊයේ මැදියම් රැයේ පටන් ලොව පුරා විකාශනය ආරම්භ විය. මෙය සංවිධාන කරන ලද්දේ, අමෙරිකානු සුපිරි ගායිකා ලේඩි ගාගා විසින්. “ වන් වර්ල්ඩ් ටු ගෙදර් ඇට් හෝම්“ යන තේමාවෙන් මේ සංගීත සංදර්ශනය සංවිධාන කර තිබේ. ගෝලීය පුරවැසි ව්‍යාපාරය හා ලෝක සෞඛ්‍ය සංවිධානය සංගීත සංදර්ශනය සඳහා අනුග්‍රහය දක්වයි. ලොව පුරා රටවල්වල සිටින සුප්‍රකට ගායක ගායිකාවන් සියයකට අධික සංඛ්‍යාවක් සහභාගි වූ මේ සංගීත සංදර්ශනය පැය 08ක කාලයක් පැවැත්විණ.