කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සාර්ථකව අත්හදා බැලේ

අප්‍රේ 30, 2020

    අමෙරිකාවේ “ගිලියද්” ඖෂධ පරීක්‍ෂණ සහ නිෂ්පාදන ආයතනය විසින් කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධයක් සාර්ථකව අත්හදා බලා ඇති බව වාර්තාවේ.

    මෙමඟින් දින 04ක් වැනි කාලයක් තුළ සුවය ලැබීමේ හැකියාව පවතින බව පර්යේෂකයන් පවසයි. “රෙමෙඩිසිවර්” ලෙස නම් කර ඇති මෙම ඖෂධය පිළිබඳ තවදුරටත් පරීක්‍ෂණ පැවැත්විය යුතු බව, වෛද්‍ය ඇන්තනි ෆවුච් සඳහන් කර ඇත. කෙසේ වුවත් වෛරසය ආරම්භ වූ දා සිට මේ දක්වා මෙතරම් ඉහළ මට්ටමේ ප්‍රතිකාරයක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගත් පළමු අවස්ථාව මෙයයි. නමුත් කොරෝනා වෛරසයට සාර්ථකම එන්නතක් හෝ ප්‍රතිකර්මයක් සොයා ගැනීමට වසරක වැනි කාලයක් ගත වනු ඇති බව විශේෂඥයින් පවසයි.

    Latest News