ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමෙරිකාවෙන් වන අතර, එම සංඛ්‍යාව 1,131,452ක්.
ලොව වැඩිම මරණ සංඛ්‍යාවද වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්. එම සංඛ්‍යාව 65,776ක්. ඇමෙරිකාවට පසුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ස්පාඤ්ඤයෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 242,988ක්.
ඉතාලියෙන් ආසාදිතයින් 207,428ක්, බ්‍රිතාන්‍යයෙන් ආසාදිතයින් 177,454ක්, ප්‍රංශයෙන් ආසාදිතයින් 167,346ක්, ජර්මනියෙන් ආසාදිතයින් 164,077ක්, තුර්කියෙන් ආසාදිතයින් 122,392ක් සහ රුසියාවෙන් ආසාදිතයින් 114,431ක් ලෙස වාර්තා වේ.
ඇමරිකාවට පසුව වැඩිම මරණ ඉතාලියෙන් වාර්තා වන අතර, එම සංඛ්‍යාව 28,236ක්. බ්‍රිතාන්‍යයෙන් මරණ 27,510ක්, ප්‍රංශයෙන් මරණ 24,584ක් සහ ස්පාඤ්ඤයෙන් මරණ 24,824ක් ලෙස වාර්තා වේ.