ජිනිවාහි පැවති මාධ්‍ය හමුවකදී, ඔහු කියා සිටියේ, මිනිසා වසූරිය රෝගයෙන් ජයගත් ආකාරයෙන්ම කොරෝනා වෛරසය පැරදවීම සඳහා ද සියළු පුරවැසියන් දායක විය යුතු බවයි. ගෝලීය සහයෝගීතාව ඉදිරි කාලයේදීත් ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.
මේ අතර, ඉතාලිය කොරෝනා මරණ 30,000කට අධික රටවල් අතරට අද එක් වෙයි. ඉතාලියෙන් වාර්තාවන මරණ සංඛ්‍යාව 30,201ක්. ගතවූ පැය 24 තුළ පමණක් මරණ 243ක් සිදුව තිබේ. මේ වන විට ඉතාලියෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව දෙලක්ෂ දාහත්දහස් එකසිය අසූ පස් දෙනෙක්.