ලබන මස වනවිට අමෙරිකාවේ කොරෝනා මරණ ලක්‍ෂය ඉක්මවන බවට අනාවැකියක්

මැයි 17, 2020

    ලබන මස පළමුවැනිදා වනවිට අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව ලක්‍ෂය ඉක්මවන බව එරට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථාන අධ්‍යක්‍ෂ වෛද්‍ය රොබට් රෙඩ්ෆීල්ඩ් අනතුරු අඟවයි.

    අද වනවිට අමෙරිකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අනූ දහස ඉක්මවා තිබේ. ඉදිරි සති කිහිපයේ දී තවදුරටත් කොරෝනා මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව ඔහු ට්විටර් පණිවුඩයක් ඔස්සේ දැනුම් දී තිබේ. වොෂින්ටන් සරසවියේ පර්යේෂකයන් සිදු කළ සෞඛ්‍ය ආකෘති සංශෝධනයකින් අනතුරුව රොබට් රෙඩ්ෆීල්ඩ් මේ බව පැවසීය. කෙසේ වුවද ඉකුත් පැය 24 තුල අමෙරිකාවෙන් හඳුනාගත් නව කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15ස් ලක්‍ෂය ඉක්මවා තිබේ. මෙතෙක් සුවය ලැබූ පිරිස තුන් ලක්‍ෂ 37,000කට අධිකය. ඉකුත් පැය 24 තුල පමණක් එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව 1218ක්.

    Latest News