ඒ අනූව, බ්‍රසීලයේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂ 14,000 ඉක්මවා ගියේය. ඉකුත් පැය 24 තුළ සිදුවූ කොරෝනා මරණ 1,148ත් සමඟ එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 25,700කට අධිකයි.
කෙසේ වෙතත්, දිනෙන් දින කොරෝනා වෛරස ආසාදිතයන් ඉහළ යමින් පවතින පසුබිමක බ්‍රසීලයේ සාවෝ පවුලෝ නගරයේ සුපිරි වෙළෙඳසැල් සහ අනෙකුත් කඩසාප්පු එළඹෙන ජූලි පළමු වැනිදා සිට විවෘත කිරීමට බලධාරීන් තීරණය කර තිබේ. අදාළ විවෘත කිරීම් දින 15ක් සදහා පමණක් බල පැවැත්වෙන බවයි, සාවෝ පවුලෝ ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා සඳහන් කරන්නේ.