ඇමරිකා එක්සත් ජනපදය ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වන බව පසුගියදා නිවේදනය කළා.
ඩොනල්ඩ් ට‍්‍රම්ප්ගේ එම තීරණය අධ්‍යයනය කරමින් සිටින බවයි බ‍්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝ පවසන්නේ. ;
මේ වනවිට බ‍්‍රසීලයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාධිතයන් ගණන හයලක්ෂ හතලිස් හය දහස ඉක්මවනවා.
ලොව වැඩිම කොරෝනා මරණ වාර්තා වු තුන්වන රට වන්නේ ද බ‍්‍රසීලයයි.
කොරෝනා හේතුවෙන් සිදුවන හානියට වඩා වැඩි හානියක් රට වසා තැබීමෙන් සිදුවන බවයි, බ‍්‍රසීල ජනාධිපතිවරයාගේ අදහස වන්නේ.
එවැනි කරුණු මත පදනම්ව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමටයි, ඔවුන් සැළසුම් කර ඇත්තේ.