උතුරු - දකුණු කොරියාව අතර සන්නිවේදනය නවතී

ජූනි 09, 2020

    දකුණු කොරියාව සමග පවත්නා සියලු සන්නිවේදන සබඳතා අත්හිටුවීමට උතුරු කොරියාව පියවර ගනී.

    ඒ අනුව දෙරටේ නායකයන්ට සන්නිවේදනය සඳහා ලබා දී තිබූ දුරකතන සබඳතාවයන්ද අත්හිටුවනු ඇති.

    දකුණු කොරියාව තම සතුරෙකු ලෙස සලකා ප්‍රතිචාර දැක්වීමේ පළමු පියවර මෙය වන බවයි, උතුරු කොරියාව නිවේදනය කරන්නේ.

    දේශසීමාව ආසන්නයේ යුද මුක්ත කලාපයේ ස්ථාපිත කර ඇති කඳවුරු දෙකෙහි දිනපතා සිදුවන සන්නිවේදන කටයුතු ද මේ අනුව අඩාල වේ.

    Latest News