දෙවන කොරෝනා රැල්ලෙන් මිලියනයක් මිය යා හැකියි - ලෝක සෞඛ්‍ය සංවිධානය

ජූනි 27, 2020

    නව කොරෝනා වෛරසයේ දෙවන රැල්ල ලොව රටවල් රැසක යලි ව්‍යාප්තවීම ඇරඹි ඇති බැවින් මිලියන ගණනක් ජනතාව ඉන් මිය යා හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අද අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.

    1918 වර්ෂයේදී ලොව පුරා පුද්ගලයින් මිලියන 50 කට අධික පිරිසකගේ ජිවිත බිලි ගනිමින් ව්‍යාප්ත වූ ස්පාඤ්ඤ උණ ව්‍යාප්ත වූ ආකාරයට සමාන ලෙස කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සිදුවෙමින් පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය රානේරි ගුවේරා ප්‍රකාශ කර සිටියේ.

    අමෙරිකාව, යුරෝපය, ලතින් අමෙරිකානු රටවල සහ ඉන්දියාව තුළ නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහකාර අධ්‍යක්ෂක ජනරාල්වරයා මෙම අනතුරු ඇඟවීම සිදු කරනු ලබන්නේ.

    මේ වනවිට ලොවපුරා මිලියන 9.8 ක පුද්ගලයින් නව කොරෝනා වෛරසයට ගොදුරුවී ඇති අතර මියගිය මුළු පුද්ගලයින් සංඛ්‍යාව 494,077 ක් වනවා.

    Latest News