ලෝක සෞඛ්‍ය සංවිධානය සිය විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනූව වෛරසය පැතිර යාම පිළිබඳව පරීක්ෂණ මඟින් ප්‍රකාශයට පත් කර තිබිණ. ඒ අනූව, වෛරසයේ ස්වභාවය හා එය පැතිර යා හැකි ක්‍රමවේද සම්බන්ධ නවතම තොරතුරු ඉදිරියේ දී දැනුම් දීමට නියමිතයි. වෛරසය වාතය මඟින් ගමන් ගන්නා දුර ප්‍රමාණය පෙර අනුමාන කළ ප්‍රමාණයට වඩා වැඩි විය හැකි බවටයි, ලෝක සෞඛ්‍ය සංවිධානය සැක පළ කරන්නේ.
පුද්ගලයන් නොමැති වුවද, සුළඟ මගින් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම පිළිබඳව මෙහිදී ප්‍රධාන වශයෙන් සොයා බැලේ. විද්‍යාඥයින් විසින් ඉදිරියේ දී ගෙන එනු ලබන නව තොරතුරු අනූව දැනට පවතින සමාජ දුරස්ථභාවය හා අනුගමනය කළ යුතු අනෙකුත් ඇතැම් කරුණු වෙනස් වීමට හැකි වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ.