ඇෆ්ගනිස්ථානයේ මෝටර් රථ බෝම්බය 17කට මරු කැඳවයි

ජූලි 31, 2020

    ඇෆ්ගනිස්තානයේ ලෝගර් පළාතේ, මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් පුපුරායාමෙන් පුද්ගලයන් 17 දෙනෙක් මිය ගියේය. මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු විසින් සිදු කර ඇති බවටයි, ආරක්ෂක අංශ විශ්වාසය පළ කරන්නේ.

    ඇෆ්ගනිස්ථානය පුරා මේ වන විට ඊද් උත්සවය පැවැත්වෙයි. බෝම්බය පුපුරා ගොස් ඇත්තේ, ජනාකීර්ණ ප්‍රදේශකයි. ඊද් පළමු දිනය වන සිකුරාදා සිට, තෙදින සටන් විරාමයකට තලෙයිබාන් හා ඇෆ්ගනිස්ථාන රජය තම එකඟත්වයන් ප්‍රකාශ කර තිබිණ. නමුත් එම විරාම කාලය ආරම්භ වීමටත් ප්‍රථම මෙම ප්‍රහාරය එල්ල කෙරිණ.

    ප්‍රහාරයේ වගකීම තලෙයිබාන් සංවිධානය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර, සිද්ධිය සම්බන්ධව ආරක්ෂක අංශ තවමත් පරීක්ෂණ පවත්වයි.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 11:38

    Latest News