ලෙබනනයේ බේරූට් නුවර විශාල පිපිරීමක්

අගෝ 05, 2020

    ලෙබනනයේ බේරූට් නුවර වරාය ප්‍රදේශයේ විශාල පිපිරීම් දෙකක් වාර්තා වෙයි.

    ඉන් අවම වශයෙන් පුද්ගලයෝ 73 දෙනෙක් මිය ගොස් 3000ක‍ට වැඩි පිරිසක් තුවාල ලැබූහ.

    ලෙබනන ආරක්ෂක දෙපාර්තමේන්තුව පැවසුවේ, පිපිරීමකට හේතුවිය හැකි රසායනික ද්‍රව්‍ය එහි ගබඩා කර තිබූ බවයි.

    එරට අග්‍රාමාත්‍යවරයා තහවුරු කළේ, ඇමෝනියම් නයිට්රේට් ටොන් 2700 කට වැඩි ප්‍රමාණයක් පුපුරා ගොස් ඇති බවයි.

    ලෙබනන ජනාධිපති Michel Aoun මහතා හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවමින් පිපිරීමෙන් පසු තත්ත්වයන්ට මුහුණදීමට හමුදාව මැනවින් ක්‍රියා කළ යුතු බව උපදෙස් ලබා දුන්නේය.

    තුවාල ලැබූවන්ට නොමිලේ ප්‍රතිකාර ලබා දිය යුතු බවත්, විශාල අලාභානි සිදුවූ හෝ අවතැන් වූ පවුල්වලට ආධාර ලබා දිය යුතු බවත්, එරට ජනාධිපතිවරයා පැවසීය.

    5වැනිදා ජාතික ශෝක දිනයක් ලෙසට ලෙබනන අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

    හෙතෙම ජාත්‍යන්තර ආධාර ද පතයි.

    මෙම පිපිරීම් සිද්ධිය ජාත්‍යන්තර ප්‍රජාව තුළ ද කනස්සල්ලට හේතු වී ඇත.

    ලෙබනනයට මානුෂීය හා වෛද්‍ය ආධාර ලබා දෙන බවට ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබේ.

    බේරූට් පිපිරීමෙන් සිදුවූ ජීවිත හානි හා විනාශ පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා ලෙබනන ජනාධිපතිවරයාට ශෝකය ප්‍රකාශ කළේය.

    ඉරාන විදේශ ඇමති Mohammad Javad Zarif ප්‍රකාශ කළේ, ඉරානය ලෙබනනයට අවශ්‍ය ඕනෑම ආධාරයක් ලබා දීමට සැමවිට ම සූදානම් බවයි.

    ඊජිප්තු ජනාධිපති Abdel Fattah al Sisi මහතා ප්‍රකාශයක් නිකුත් කරමින්, බේරූට් පිපිරීම සම්බන්ධයෙන් සිය ශෝකය සහ කණගාටුව පළ කළේය.

    Latest News