නවසීලන්ත මැතිවරණය කල් යයි

අගෝ 17, 2020

    එළෙඹෙන සැප්තැම්බර් මස 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ නවසීලන්තයේ මහ මැතිවරණය කල් දැමීමට එරට අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් තීරණය කර තිබෙනවා.

    ඒ, රට තුළ තවදුරටත් ව්‍යාප්ත වෙමින් ඇති නව්‍ය කොරෝනා වෛරසය හේතුවෙන්.

    ඒ අනුව සැප්තැම්බර් 19 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහ මැතිවරණය ඔක්තෝම්බර් මස 17 වැනිදා පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.

    දේශපාලන පක්ෂ සඳහා මැතිවරණ කටයුතුවලට සූදානම්වීමත්, මැතිවරණයේ කටයුතු ඉදිරියට පවත්වා ගෙන යාම සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට කාලය ලබාදීමටත් හැකි වන පරිදි ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස කල්දැමෙන බවයි නවසීලන්ත අග‍්‍රාමාත්‍ය ජසින්තා ආඞ්න් පැවසුවේ.

    නව කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස නවසීලන්තය ඉකුත් දිනවලදී ජාත්‍යන්තර තුළ දැඩි කතාබහට ලක්වුණා.

     

    Latest News