කැලිෆෝනියාවේ පුද්ගලයින් 6ක් මරුට

අගෝ 23, 2020

    කැලිෆෝනියාවේ හටගෙන ඇති ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් තිබේ.

    නිවාස හා ගොඩනැගිලි රැසකට ද හානි සිදුකරමින් පැතිර යන ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා මේ වනවිට ගිනි නිවන භටයින් 12,000කට අධික පිරිසක් යොදවා ඇති බව කැලිෆෝනියා බලධාරීන් පවසයි.

    ලැව්ගිනි තත්ත්වය මැඩපැවැත්වීම සඳහා අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකින් මෙන්ම ඔස්ට්‍රේලියාවෙන් සහ කැනඩාවෙන් ද සහාය අපේක්ෂා කරන බව කැලිෆෝනියා ප්‍රාන්ත ප්‍රධානියා සඳහන් කර තිබේ.

    ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතු අතරතුර දී ගිනි නිවන භටයින් 43 දෙනෙකු තුවාල ලබා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

    Latest News