උසේන් බෝල්ටත් කොරෝනා

අගෝ 25, 2020

    ඔලිම්පික් පදක්කම් ලාභී හිටපු මළල ක්‍රීඩක උසේන් බෝල්ට් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.‬

    පසුගිය සිකුරාදා ඔහු සිය 34 වෙනි උපන්දිනය සමරනු ලැබීය.

    හිටපු ජැමෙයිකානු ධාවන ශුරයා මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසයට අදාළ පරීක්ෂණයකට මුහුණ දී ඇති අතර එහි ප්‍රථිපල අද ලැබී තිබේ. එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව ඇත.

    උසේන් බෝල්ට් ස්වයං නිරෝධායනට මේවන විට යොමුව ඇති බව සදහන්වේ.

    මේ දක්වා ජැමෙයිකානුවන් 1500 කට වැඩි සංඛ්‍යාවකට වෛරසය ආසාදනය වී ඇති අතර ආසාදිතයින්ගෙන් පහළොස් දෙනෙකු මියගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 25 අගෝස්තු 2020 09:47

    Latest News