මුහුණු ආවරණ පැළදීම ප්‍රංශය අනිවාර්ය කරයි

අගෝ 29, 2020

    අද දිනයේ සිට ප්‍රංශයේ පොදු ස්ථාන වලදී අනිවාර්ය මුහුණු ආවරණ පැළදීමේ නීතිය බලාත්මක කර තිබෙනවා.

    ප්‍රංශයෙන් නව ආසාදිතයින් පොකුරු වාර්තාවීමයි නව නීති පැනවීමට හේතුවී ඇත්තේ.

    ඊයේ දිනය තුළදී පමණක් නව ආසාදිතයින් හයදහස් එකසිය එකොළහක් එරටින් වාර්තා වුණා.

    එතරම් ඉහළ ආසාදිතයින් සංඛ්‍යාංවක් ප්‍රංශයෙන් වාර්තා වූයේ මැයි මාසයෙන් පසුවයි.

    කෙසේ වුවද එරටින් දෛනිකව වාර්තා වන මරණ සංඛ්‍යාව අවම මට්ටමක පවතිනවා.

    මේ අතර යුරෝපා කලාපයේ රටවල් රැසකින් නව ආසාදිතයින් වාර්තාවීමත් සමගම කලාපය තුළ නිරෝධායන නීති දැඩි කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

    Latest News