නිවේදනයක් නිකුත් කරමින් ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ කොළඹ කාර්යාලය මේ බව සඳහන් කර තිබේ.
මහජන චීන රජය අස්ථිත්වයන් ඉලක්ක කරගෙන මෙම සම්බාධක පනවා ඇති අතර, China Communications Construction Company සහ එහි පරිපාලිත සමාගම් සමඟින් ගනුදෙනු කිරීමේ දී අවදානම කළමනාකරණය කරගෙන කටයුතු කරන්නට එක්සත් ජනපදය විසින් රටවල් දිරිමත් කරනු ලබන බව ද එම නිවේදනයේ දැක්වේ.
CCCC මැනිය නොහැකි තරමේ පාරිසරික හානියක් සිදුකිරීමටත්, ලෝ වටා අහිතකර ක්රියාවන්ට සම්බන්ධ වීමටත්, ඉන්දු ශාන්තිකර අස්ථාවරත්වය ඇති කිරීමටත් ක්රියා කර ඇතැයි ද එහි සඳහන්.