සිරියාවේ UN නිලධාරීන් 200කටත් කොරෝනා

සැප් 07, 2020

    ලොව පුරා කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව අද වන විට දෙකෝටි හැත්තෑ දෙලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

    මේ අතර සිරියාවේ රැඳී සිටින එක්සත් ජාතීන්ගේ සංවිධානයේ,නිලධාරීන් 200කට අධික සංඛ්‍යාවක් කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්. මේ වන විට ලොව පුරා සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව අට ලක්ෂ 87,000 ඉක්මවා ගිහින්.

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් අසල්වැසි ඉන්දියාවේ සිදුවූ අතර, එම සංඛ්‍යාව 1,008ක්. එම කාලසීමාව තුළ එරට අලුතින් කොරෝනා ආසාදිතයන් 91,723ක් හඳුනාගෙන ඇති අතර, එය කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ දින සිට ලොව රටකින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවයි.

    Last modified on සදුදා, 07 සැප්තැම්බර් 2020 10:33

    Latest News