අධික සුළං හා වර්ෂාව හේතුවෙන් ජෝර්ජියා සහ කැරොලිනා යන ප්රදේශවල තවමත් ගංවතුර තත්වයක් පවතියි. සුළං තත්වය හේතුවෙන් කඩා වැටීමේ හා ගොඩනැගිලි විනාශයට පත්වීමේ, සිදුවීම් රැසක් වාර්තා විය.
ෆ්ලොරීඩා සහ ඇලබාමා යන ප්රාන්තවල ද දේපළ හානි රැසක් සිදුව තිබේ. මහා මාර්ග හා නිවාස ජලයෙන් යට වීම නිසා ජනතාව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපා සිටියි. හදිසි කුණාටු තත්වය හේතුවෙන් ලක්ෂ ගණනාවක පිරිසකට විදුලිය ඇණහිටීම් සිදුව ඇති බව ද විදෙස් වාර්තාවල සඳහන්.