ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වේ

සැප් 27, 2020

    දැනට සිදුවන කොරෝනා මරණ සංඛ්‍යාවට වඩා තව මිලියන දෙකක මරණ ඉදිරියේ දී සිදුවිය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    වෛරසය මැඩපැවැත්වීමට එන්නතක් සොයා ගන්නා තුරු එම තත්වය බල පැවැත්වෙනු ඇත. මේ වනවිට ලොව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව මිලියනයකට ආසන්න වී තිබේ. මෙය සිතාගත නොහැකි තත්වයක් වන අතර, කණගාටුවට කරුණක් වන බව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි අවස්ථා වැඩසටහනේ ප්‍රධානී වෛද්‍ය මයික් රයන් පවසයි.

    අද වනවිට ලොව පුරා වාර්තා වුණ කොරෝනා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව තුන් කෝටි 30 ලක්‍ෂයකට අධිකයි. සමස්ත ගෝලීය මරණ සංඛ්‍යාව නව ලක්‍ෂ 98,000 ඉක්මවයි. මේ දක්වා ඉන්දියාවෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්‍ෂ 60කට ආසන්නයි. ඉන් 88,660ක් වාර්තා වුණේ ඊයේ දිනයේ දී. එම කාලසීමාවේ සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව ලෙස සටහන් වුනේ, ඊයේ දිනය තුළ ද, ලොව වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව සිදු වූ රට බවට ඉන්දියාව පත් කරමින්.

    Latest News