නාසාහි පෘථිවි ආසන්න වස්තු පිළිබඳ අධ්‍යයන මධ්‍යස්ථානයේ විද්‍යාඥයෝ මෙම හෙළිදරව්ව සිදුකර තිබේ.
අමෙරිකානු ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ ද නොවැම්බර් 03 වැනි දිනයි.
මෙම ඇස්ටරොයිඩය 2018 VP-1 ලෙස නම්කර ඇත.
‘‘2018 VP-1 ඉතා කුඩා වස්තුවකි. එහි විශාලත්වය අඩි හය හමාරක් පමණ වන බව වාර්තා වේ. පෘථිවියට එමගින් තර්ජනයක් සිදුවීමේ අවදානම අඩුයි. යම් හෙයකින් එය අපේ වායුගෝලයට ඇතුළු වුවහොත් එහි කුඩා බව නිසා පිලිස්සී දැවී යනු ඇති’’ බව නාසා ආයතනය පවසයි.