මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීගේ පක්ෂයටයි

නොවැ 14, 2020

    මියන්මාර මහ මැතිවරණයේ ජය අවුන්සාන් සුඛීගේ පක්ෂයට හිමිව තිබෙනවා.

    මේ මස 8 වැනි දින පැවති මියන්මාර මහ මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීම මේ වනවිටත් ආරම්භවී තිබෙනවා.

    දැනට නිකුත්කර ඇති ප්‍රථිඵල වලට අනුව එරට සමස්ත ආසන හාරසිය දොළහෙන් ආසන තුන්සිය හතලිස් හයක් ලබා ගැනීමට අවුන්සාන් සුඛී නියෝජනය කරන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ලීගය සමත්ව ඇති බවයි, විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

    ඒ අනුව ඇයට දෙවන වරටත් පාලන බලය හිමිකර ගැනීම සඳහා අවශ්‍ය පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාව මේ වනවිටත් ලැබී ඇති බවයි, සඳහන් වන්නේ.

    Latest News