ජර්මනිය ලබන බදාදා නැවත අගුලු දමයි

දෙසැ 14, 2020

    කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජර්මනිය බදාදා (16) සිට ජාතික වශයෙන් අගුලු දමන බව ජර්මනියේ රාජ්‍ය නායිකාව වන ඇන්ජෙලා මාර්කල් මහත්මිය නිවේදනය කර තිබේ.

    ඒ අනුව අත්‍යාවශ්‍ය නොවන වෙළඳසැල් සහ පාසැල් ජනවාරි 10 වනදා දක්වා වසා තැබෙනු ඇත.

    අවන්හල් සහ මත්පැන් අලෙවිහල් දැනටමත් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ, ප්‍රාදේශීය වශයෙන් අගුලු දමා තිබේ.

    අලුත් අවුරුදු උත්සව පැවැත්වීම සහ ගිනිකෙළි ද්‍රව්‍ය විකිණීම තහනම්කර තිබේ.

    කෙසේවුවද බැංකු සහ අත්‍යාවශ්‍ය වෙළඳසැල් විවෘතව පවතින බව ජර්මන් රජය පවසයි.

     

    Latest News