2021 වසරේ මුල් සති 2ක ඇතුළත එරට සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 38,000ක්. අමෙරිකාවේ රෝග නිවාරණ හා පාලන මධ්‍යස්ථානය විසින් ඉදිරි මාසයක කාලය තුළ කොවිඩ්-19 වසංගතයේ ස්වභාවය පිළිබඳ පුරෝකතන වාර්තාවක් ඉදිරිපත් කර තිබේ.
අමෙරිකාවේ එන්නත්කරණ වැඩපිලිවෙල ක්‍රියාත්මක වුවද ඉදිරි සති 3 ඇතුළත රෝග ව්‍යාප්තියේ වර්ධනයක් දක්නට හැකි බව එම වාර්තාවේ දැක්වේ. පසුගිය දෙසැම්බර් මාසයේ සිට සෑම මිනිත්තුවකටම වරක් අමෙරිකානු ජාතිකයෙකු කොරෝනා හේතුවෙන් මියයන බව වාර්තාවේ දැක්වේ.
කොරෝනා ආසාදිතයන්ගෙන් රෝහල් පිරියාම පිලිබඳ තොරතුරු අමෙරිකාවේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවේ. එම රෝගීන් හා පවුල්වල සාමාජිකයන් මුහුණපාන ඛේදනීය තත්වය ගැන වෛද්‍ය ආරක්‍ෂක මෙන්ම මාධ්‍යවේදීන් තුළ ද ඇත්තේ බෙහෙවින් සංවේදී හැගීමක්. CNN රූපවාහිනී සේවයේ වාර්තාකාරිනි සාරා සිඩ්නර් කොරෝනා ආසාදිතයන් ගැන සජීව රූපවාහිනි වාර්තාවක් ඉදිරිපත් කරමින් සිටියදී සංවේදී වී හඩා වැටුණාය.