ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරයේ ගින්නක්

ජන 22, 2021

    ලොව විශාලතම එන්නත් නිෂ්පාදනාගාරය වන බටහිර ඉන්දියාවේ සීරම් ආයතනය සතු ගොඩනැගිල්ලක ඊයේ ගින්නක් හටගෙන තිබේ. එහිදී 5 දෙනෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

    කොරෝනා වෛරසයට ලබා දෙන එන්නත් වැඩසටහන සඳහා මේ සිදුවීම ගැටලුවක් නොවන බව ආයතන බලධාරීන් පවසයි.

    ගින්න ඊයේ දහවල් හටගෙන ඇත්තේ, ඉන්දියාවේ පූනේ පිහිටි සීරම් ආයතනයේ ඉදි කෙරෙමින් පවතින ගොඩනැගිල්ලකයි.

    සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. ඉන්දියාවේ එන්නත් වැඩසටහනේ මූලිකත්වය ගෙන සිටින සීරම් ආයතනයේ ප්‍රධානීන් මෙම සිදුවීම එන්නත් වැඩපිළිවෙළ සඳහා බාධාවක් නොවන බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

    Last modified on සිකුරාදා, 22 ජනවාරි 2021 13:02

    Latest News