රටවල් රැසක් වෛද්‍ය ශ්‍රේණියේ මුව ආවරණය අනිවාර්ය කෙරේ

ජන 24, 2021

    කොරෝනා වෛරසයේ නව ප්‍රභේදවල ශීඝ්‍ර ව්‍යාප්තිය සහ ශීත සෘතුවේ ආසාදන ඉහළ යාම හේතුවෙන් යුරෝපා රටවල් ගණනාවක රෙදිවලින් නිෂ්පාදනය කෙරුණු මුව ආවරණ වෙනුවට වෛද්‍ය ශ්‍රේණියේ මුව ආවරණ අනිවාර්ය කර තිබේ.

    ඒ අනූව ජර්මනිය,ප්‍රංශය,ඔස්ට්‍රියාව යන රටවල පොදු ස්ථානවල දී වෛද්‍ය ශ්‍රේණියේ මුව ආවරණ අනිවාර්ය කරමින් නියෝග නිකුත් කෙරිණ.

    ජර්මානු චාන්සලර් ඇන්ජලා මර්කල් පවසන්නේ,බ්‍රිතාන්‍ය,ද.අප්‍රිකාව හා බ්‍රසීලය යන රටවලත් ප්‍රථම වරට අනාවරණය කර ගැනුණු නව කොරෝනා වෛරස ප්‍රභේදයන්ගේ ව්‍යාප්තිය පාලනය කිරීම මේ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ බවයි.

    එය මේ පිළිබඳව වඩාත් උනන්දුවෙන් කටයුතු කරන ලෙස ද චාන්සලර්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Last modified on ඉරිදා, 24 ජනවාරි 2021 12:57

    Latest News