අමෙරිකාව මහා පරිමාණ එන්නත්කරණය අරඹයි

ජන 30, 2021

    ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගැනීමට සමාගම් කිහිපයක් සමග යුරෝපා සංගමය අත්සන් තබා තිබේ. ගිවිසුමට ප්‍රකාරව ඇස්ට්‍රාසෙනෙකා සමාගම,යුරෝපා සංගමයට ලබාදිය යුතු එන්නත් ප්‍රමාණය ලබාදීමට අපොහොසත් විය.

    මේ හේතුවෙන් යුරෝපා සංගමය අදාළ ගිවිසුම් මාධ්‍යයට එළිදැක්විය. යුරෝපා සංගමය,ඇස්ට්‍රාසෙනෙකා එන්නත හදිසි භාවිතය සඳහා යොදාගැනීමට තීරණය කර ඇති කාලවකවානුවකයි,මෙම තීරණය ගෙන ඇත්තේ.

    මේ අතර අමෙරිකානු නව ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ දින 100ක් තුළ අමෙරිකානු‍වන් මිලියන 100කට එන්නත් ලබාදීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි. මහා පරිමාණ එන්නත්කරණය ඊයේ සිට ආරම්භ කර ඇතැයි,එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි.

    එන්නත්කරණය සඳහා ක්‍රීඩාංගන හා විශාල උද්‍යාන යොදා ගැනෙයි. දිනෙකට මිලියනයකට වැඩි සංඛ්‍යාවකට එන්නත් ලබාදීමට සැලසුම් කර ඇතැයි, අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

    Last modified on සෙනසුරාදා, 30 ජනවාරි 2021 12:03

    Latest News