රුසියාවේ උද්ඝෝෂකයෝ 1,700ක් අත්අඩංගුවට

පෙබ 04, 2021

    රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවල්නි සිරගත කිරීමත් සමඟ ඇති වූ උද්ඝෝෂණ උත්සන්නවීම නිසා උද්ඝෝෂණවල නිරත වූ 1,700කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

    මොස්කව් නුවර විරෝධතාකරුවන්ට බැටන් ප්‍රහාරය ලබාදෙන අකාරය රූගත කර ඇත. හතළිස් හතර හැවිරිදි නවල්නි මීට පෙර අවුරුදු තුන හමාරකට සිරගත කර සිටි අතර තමන්ට යොමු කර ඇති චෝදනා ව්‍යාජ ඒවා බව ඔහු කීවේය.

    නවල්නි අත්අඩංගුවට ගත්තේ තමාට එල්ල වූ විෂ ප්‍රහාරයකින් අසනීප වී ජර්මනියට ගොස් ප්‍රතිකාර ලැබ ආපසු රුසියාවට පැමිණීමෙන් අනතුරුවය.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 පෙබරවාරි 2021 09:19

    Latest News