COVAX වැඩපිළිවෙළට චීනයෙන් COVID - 19 එන්නත් මාත්‍රා මිලියන 10 ක්

පෙබ 04, 2021

    ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉල්ලීම පරිදි, සංවර්ධනය වෙමින් පවතින රටවල හදිසි අවශ්‍යතා සපුරාලීමේ COVAX වැඩපිළිවෙළට COVID - 19 එන්නත් මාත්‍රා මිලියන 10 ක් ලබා දීමට චීනය තීරණය කරයි.

    චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක වාං වෙන්බින් මහතා බදාදා (3) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

    COVAX යනු COVID - 19 වසංගතයට ප්‍රතිචාර වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ක්‍රියාත්මක කරන ප්‍රධාන වැඩපිළිවෙළකි.

    රෝග විනිශ්චය, ප්‍රතිචක්‍රීයකාර හා එන්නත් සඳහා නව්‍ය හා සමාන ප්‍රවේශයක් ලබාදීමේ අරමුණින් රජයන්, ගෝලීය සෞඛ්‍ය සංවිධාන, නිෂ්පාදකයින්, විද්‍යාඥයින්, පෞද්ගලික අංශය, සිවිල් සමාජය සහ පරිත්‍යාගශීලීන් එක් කිරීම එහි අරමුණයි.

    වැඩසටහන යටතේ අඩු ආදායම් ලාභී රටවලට COVID - 19 එන්නත් ලබා ගැනීම සහතික කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය උත්සාහ දරයි.

     

    සටහන 

    මෝතිලාල් හිස්සැල්ල - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News