වසර 17ක ඇෆ්ගන් ගැටුම නිවන්න ගිවිසුමක්

ජන 29, 2019

    ඇෆ්ගනිස්තානයේ සාමය ස්ථාපනය කිරීමට කෙටුම්පතක් සකස් කර තිබේ.

    මෙම සාම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, වසර 17ක කාලයක සිට පවතින ඇෆ්ගනිස්තාන ගැටුම නිමාපට පත් කිරීමට හැකි වනු ඇති බව, විදෙස් මාධ්‍ය පවසයි.

    මෙම ක්‍රියාවලියේ මැදිහත්කරු වන්නේ, අමෙරිකාවයි. අමෙරිකාව ඉදිරිපත් කළ යෝජනා කෙටුම්පතට තලේබාන් සාමාජිකයින් කැමැත්ත පළකර තිබේ. ඇෆ්ගන් ජනාධිපතිවරයා සාකච්ජා සඳහා පැමිණෙන ලෙස තලේබාන් සාමාජිකයින්ට ආරාධනා කෙරිණ.

    මේ සඳහා දින 6ක් සාකච්ජා පැවැත්විණ. ඒ කටාර් රාජ්‍යයේදී. තලේබාන් සංවිධාන 1996 සිට 2001 දක්වා ඇෆ්ගනිස්තානය පාලනය කළ අතර, මේ වන විටත් එම සංවිධානයට විශාල බලයක් ද හිමිවී තිබේ. ඇෆ්ගනිස්තානයේ දෙපාර්ශවය අතර ගැටුම් පවතින්නේ, 1996 වසරේ සිටයි.

    Latest News